Asammatha Bandeema 8 අසම්මත බැඳීම - 8 වන අවසාන කොටස පෙර දැක්ම
මෙතෙක් කල් කොටස් 7ක් පලවූ 'අසම්මත බැඳීම'අනුවේදනීය වෘත්තාන්තය 8 වෙනි කොටසින් නිමාවට පත්වනු ඇත.
මෙතෙක් කල් කතාවට ප්‍රතිචාර දැක්වූ සැමටම මගේ ස්තූතිය පිරිනමනවා. විශේෂයෙන්ම https://walkatha9.blogspot.com/ අඩවියේ බොහෝ පාඨකයන් ප්‍රතිචාර දක්වා තිබුනා. ඒ ඔක්කොමටම ස්තූතියි.
මෙම කතාව 100% සත්‍ය සිද්ධියක් පාදක කොට නිර්මාණයවූ වෘත්තාන්තයකි. මෙහි ප්‍රධාන චරිතයවූ 'සාරදා'ත් අනු චරිතවූ 'සුමනාවතී', 'කුලසිරි', 'ජයනි', 'හසිනි'සහ 'කමනි'යන චරිත සියල්ලම සත්‍ය චරිතවේ.
මම මෙම කතාවට නමක් යොදන විට 'සාරදාගේ කතාව'යනුවෙන් නම් කිරීමට මුලින් සිතුවා. ඒත් ඊට පස්සෙ ඒ නම 'අසම්මත බැඳීම'කියල වෙනස් කරා. එහෙම වෙනස් කරන්න හේතුව මම 8 වන කොටස පලකරන අවස්ථාවේදී කියන්නම්.
මෙම සාරදාගේ කතාවෙන් පැහැදිලි වන එක කරුණක් නම් ලාංකික සමාජයේ පිරිමින් මෙන් හැසිරෙන සමලිංගිකාවන් සිටින බවයි. මෙම තැනැත්තියන් කොළඹ නගරයේ පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශ වලද වාසය කරනවා. සාරදා එවැනි තරුණියක් වෙනවා. ඔවුන් ඉතාමත් තදබල ලෙස
ගැහැණු ළමුන් සමග ආදරයෙන් බැඳෙනවා. සාරදා සහ හසිනිගේ ආදරයත් ඒ වගේ දෙයක්.
'සාරදාගේ කතාව'අපේ සමහර පාඨකයන් දන්නවා වෙන්නත් පුලුවන්. මොකද මේක සිද්ධ වෙලා දැනට වැඩි කාලයක් නැහැ.
8 වෙනි කොටස පල කරන්න ඉස්සෙල්ලා මම අපේ පාඨකයන්ගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. මේකයි ඉල්ලීම.
'සාරදාගේ කතාවේ අවසානය කුමක් වේද?'
මෙයට ප්‍රතිචාර මම බලාපොරොත්තු වෙනවා.
ඔබට ජය
මනෝ